
උණුසුම් පුවත්
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් – රාගම පොලිස් ඇඳිරිනීතිය පැනවෙයි
රාගම පොලිස් ඇඳිරිනීතිය පැනවෙයි
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, නැවත දැනුම්දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශය තුළ මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බවය.
මහර බන්ධනාගාරයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.



