ප්‍රධාන පුවත්

ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන සඳහා බදු දීමට කැබිනට් අනුමැතිය

ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කටයුතු සඳහා භාවිත නොකෙරෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම මෙම තීරණයේ අරමුණයි.

මෙම මන්දිර දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන අතර, ඒවා නඩත්තු කිරීම, ආරක්ෂාව සහ අනෙකුත් පරිපාලන කටයුතු සඳහා රාජ්‍යයට සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවන බව සඳහන් වේ.

ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමක් ඇති මෙම දේපළ වඩාත් ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව බෙන්තොට, කතරගම, මහියංගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සඳහා සංචාරක ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කැඳවා, සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට නියමිතය.

මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button