ප්‍රධාන පුවත්

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිය – වෙළෙඳසැලකට ලක්ෂ 5ක දඩයක්

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිය සිදු කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

රජය නියම කළ ආනයනික කීරි පොන්නි සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255ක් වුවද, අදාළ වෙළෙඳසැල එය රුපියල් 270කට අලෙවි කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් සිදු කළ වැටලීමකදී අනාවරණය වී ඇත.

ඒ අනුව වෙළෙඳසැලට එරෙහිව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී සමාගම වරද පිළිගැනීමෙන් පසු රුපියල් 500,000ක දඩයක් නියම කර තිබේ.

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button