ප්‍රධාන පුවත්

කඩුවෙලදී කල් ඉකුත් වූ පොහොර තොගයක් අත්අඩංගුවට

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම කල් ඉකුත් වූ පොහොර තොගය අනාවරණය කරගෙන ඇත.

එහිදී කල් ඉකුත් වී තිබූ ඝන පොහොර කිලෝග්‍රෑම් 376ක් සහ දියර පොහොර ලීටර් 1,170ක් සොයාගෙන ඇති අතර, අදාළ පොහොර තොගය මේ වන විට මුද්‍රා තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එම විමර්ශන අවසන් වීමෙන් පසු වංචනික ආකාරයෙන් කටයුතු කළ අදාළ ආයතනයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button