ප්‍රධාන පුවත්

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය බදාදා රැස්වීමේදී මෙම විවාදය අද දිනයේ පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අදාළ විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් පසුගිය 21 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබුණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

අද පෙරවරු 9.30 සිට 11.30 දක්වා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රශ්නෝත්තර සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිතය. එම හේතුවෙන් අද විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පසුව වෙනත් දිනයක විවාදයට ගැනීමට නියමිත බවද සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button