අද විශේෂ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව ආනයන බදු

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කළ 10%ක තාවකාලික තීරු බදු කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු ක්‍රමයක් හඳුන්වා දීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

එම තීරණයට අනුව ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක ආනයන බද්දක් පැනවෙන අතර, ඇතැම් අනෙකුත් රටවල් සඳහා 12.5% දක්වා බදු අනුපාතයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙම නව බදු ප්‍රතිපත්තිය හඳුන්වාදීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ, බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා පවතින නීති රෙගුලාසි අදාළ රටවල් ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රවේශයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button