
ප්‍රධාන පුවත්
උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලු පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සවිස්තරාත්මකව සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පළමු වරට සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් පිරිසක් විසිනි.



