
ප්‍රධාන පුවත්
එල් -නිනෝ තත්ත්වය උග්‍ර වෙයි – ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්
එල් -නිනෝ තත්ත්වය මේ වනවිට වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එහි උච්චතම අවස්ථාව අපේක්ෂා කළ කාලයට පෙරම ළඟාවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවට එල් -නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය නොවැම්බර් මාසය වනවිට උච්චතම මට්ටමට පත්විය හැකි බවයි.
එමෙන්ම ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය සූදානම් වීම සහ අවදානම් කළමනාකරණ පියවර කඩිනමින් ගැනීම වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.



