
ප්‍රධාන පුවත්
රටම එකට ජාතික මෙහෙයුමෙන් 706ක් අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (17) දිනය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කළ විශේෂ වැටලීම්වලදී පුද්ගලයින් 706 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, එදින පමණක් දිවයින පුරා වැටලීම් 708ක් ක්‍රියාත්මක කර ඇති අතර, එම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තවත් සැකකරුවන් 11 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
ඊට අමතරව සැකකරුවන් සිව් දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.



