
උණුසුම් පුවත්
චාමර සම්පත් ඇතුළු දෙදෙනෙකු යළි රිමාන්ඩ්
චාමර සම්පත් ඇතුළු දෙදෙනෙකු යළි රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්රීවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අදාළ නඩුවේදී ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මෙම නියෝගය ලබා දී ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම තීරණය ප්රකාශයට පත් කළේය.



