ප්‍රධාන පුවත්

වවුනියාවේ මාරක රිය අනතුර – පොලිස් සැරයන්වරයෙකු මරුට

අද (18) අලුයම සිදුවී තිබූ වවුනියාවේ මාරක රිය අනතුර හේතුවෙන් වවුනියාව මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ 46 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුව ඇත්තේ යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ නවගම ප්‍රදේශයේදීය. රාජකාරි කටයුතු අවසන් කර ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි සැරයන්වරයා ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත.

සිද්ධියට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button