ප්‍රධාන පුවත්

යෝෂිත රාජපක්ෂගේ නඩුව අගෝස්තු 31

යෝෂිත රාජපක්ෂගේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු 31 දින කැඳවීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා යොමු කරන ලෙසයි.

එහිදී දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීමටත්, අධිචෝදනා පත්‍රයට සිදු කිරීමට නියමිත සංශෝධන ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු 31 දින කැඳවීමට නියෝග කළේය.

අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරන රුපියල් මිලියන 59කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button