ප්‍රධාන පුවත්

දිට්වා ආපදා FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවයි

දිට්වා ආපදා FR පෙත්සම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 30 වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

“දිට්වා” සුළි කුණාටුවෙන් සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා රජය නිසි පූර්ව ආපදා සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එය ඔක්තෝබර් 30 දිනට කල් තැබීමට නියෝග කෙරිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “දිට්වා” සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළද, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ හානි අවම කිරීම සඳහා රජය ප්‍රමාණවත් පියවර නොගත් බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

එමෙන්ම, රජයේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, අනාගතයේ මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයන් සඳහා නිසි මාර්ගෝපදේශ මාලාවක් රජයට නිකුත් කරන ලෙසත් පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button