අධ්‍යාපන

වයඹ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය කෙරේ

වයඹ පළාතේ පාසල්වල 6 සිට 11 ශ්‍රේණි දක්වා පැවැත්වීමට නියමිතව තිබූ වයඹ දෙවන වාර විභාගය සංශෝධනය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ජූලි 15 සිට ජූලි 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ විභාග කටයුතු ජූලි 21 සිට ජූලි 24 දක්වා පැවැත්වීමට නියමිත බව දැනුම් දී ඇත.

මීට පෙර වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 – 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්ෂණය ජූලි 9 සිට ජූලි 17 දක්වාත්, 10 – 11 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්ෂණය ජූලි 9 සිට ජූලි 20 දක්වාත් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් සැලසුම් කළ දිනවලදී විභාග පැවැත්වීමේ අපහසුතා හේතුවෙන් දින සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ තීරණය අනුව මෙම විභාග දින 4කින් කල් දැමීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

සංශෝධිත දිනවලට අදාළ නව විභාග කාලසටහන අද (14) නිකුත් කිරීමට නියමිත බව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button