ප්‍රධාන පුවත්

අග්‍රහාර දත්ත යාවත්කාලීන කිරීම අවසන් දිනය ජූලි 31

අග්‍රහාර දත්ත යාවත්කාලීන කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති කාලසීමාව ලබන ජූලි 31 වනදායින් අවසන් වන බව ජාතික රක්ෂණ භාර අරමුදල පවසයි.

ඒ අනුව, සියලුම ප්‍රතිලාභීන් කඩිනමින් තම පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු අවසන් කරන ලෙස ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය ඉල්ලීමක් කර තිබේ.

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂ 9කට ආසන්න පිරිසක් අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ සෘජු ප්‍රතිලාභීන් වන අතර, ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ද ඇතුළුව ලක්ෂ 30කට පමණ පිරිසක් මේ හරහා ප්‍රතිලාභ ලබන බව සඳහන් වේ.

2026 අප්‍රේල් මාසයේදී ආරම්භ කළ මෙම දත්ත පද්ධති යාවත්කාලීන කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට රාජ්‍ය සේවකයන් ලක්ෂ 6කට ආසන්න පිරිසක් සිය තොරතුරු යාවත්කාලීන කර ඇති බව වාර්තා වේ.

අග්‍රහාර සාමාජිකයන් සේවය කරන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 1900කට ආසන්න වන අතර, එම ආයතනවල අග්‍රහාර සම්බන්ධීකරණ නිලධාරීන් නම් කර එවන ලෙස දැනුම් දී ඇති බව ද සඳහන්ය.

දත්ත පද්ධතියට ඇතුළත් කරන තොරතුරුවල නිවැරදිභාවය අදාළ ආයතනයේ අග්‍රහාර සම්බන්ධ නිලධාරියා සහ ආයතන ප්‍රධානියා විසින් තහවුරු කළ යුතු බව ද ජාතික රක්ෂණ භාර අරමුදල අවධාරණය කර ඇත.

ඉදිරියේදී අග්‍රහාර ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙම දත්ත පද්ධතිය පමණක් භාවිත කිරීමට අපේක්ෂා කරන බැවින්, සියලු රාජ්‍ය ආයතනවල සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.

              

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button