
IMF නියෝජිතයන් ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි!
මෙරටට ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි IMF කණ්ඩායම සිදුකළ සංචාරය මේ වනවිට අවසන් කර ඇත.
මෙම කණ්ඩායම පසුගිය ජනවාරි 22 වනදා දිවයිනට පැමිපැමිණියේය.
සංචාරය අතරතුර මෙම කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කම්කරු අමාත්‍ය හා මුදල් සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා වගේම ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මෙම කණ්ඩායම, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ, සිවිල් සමාජ සංවිධාන සහ පර්ශව රැසක් සමඟ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා සමාජ බලපෑම් පිළිබඳ සාකච්ඡා කළ බව වාර්තා වේ.
මෙහිදී එම කණ්ඩායමේ Evan Papageorgiou මහතා සඳහන් කළේ, මෙම සංචාරය අතරතුර කණ්ඩායම යටිතල පහසුකම් හා ජීවනෝපායන්ට සිදු වූ හානි, මෙවන් ස්වභාවික
විපත්ති සඳහා රාජ්‍ය මට්ටමින් ගන්නා මූල්‍ය ප්‍රතිචාර, මුදල් ප්‍රතිපත්තිය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව විස්තීර්ණ සාකච්ඡා සිදුකළ බවය.
තවද, බලධාරීන්ගේ ඉදිරි ප්‍රතිපත්තිමය අරමුණු, මූල්‍ය අවශ්‍යතා, සහ Extended Fund Facility (EFF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නැවත ගොඩනැගීම සහ පුනරුත්ථාපන කටයුතු සඳහා IMF විසින් ලබා දිය හැකි සහාය පිළිබඳ තොරතුරු රැසක් හුවමාරු කර ගෙන ඇත.
Papageorgiou මහතා තවදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේදී මූල්‍ය සහ ණය ස්ථාවරත්වයේ ලබාගත් ප්‍රගතිය ආරක්ෂා කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, ව්‍යාපෘති ප්‍රමුඛතා යළි සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම, සහා සාමජික ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සඳහාද රජය කැපවී සිටින බවය.
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉක්මනින්ම IMF කණ්ඩායමක් නැවත දිවයිනට එවීමට සැලසුම් කර ඇත.
IMF පවසන්නේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන්හිදී ශ්‍රී ලංකාව සමඟ IMF සහයෝගීතාවය සහ රටට සහාය වීමට ඇති සූදානම යළි තහවුරු කරන බවය.



