ප්‍රධාන පුවත්

රිපීටර් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගත් මන්ත්‍රී යළි රිමාන්ඩ්

රිපීටර් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සමගි ජනබලවේගය නියෝජනය කරන අදාළ මන්ත්‍රීවරයා නීති විරෝධීව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ පසුගිය 11 වනදා ගාල්ල අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අද (13) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය විසින් සැකකරු ජුලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button