සෞඛ්‍යය

සෞඛ්‍ය ඇමති සහ GMOA නව නිලධාරීන් අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය ඇමති සහ GMOA සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වී ඇති අතර, මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි වැඩපිළිවෙළ සහ වත්මන් අභියෝග පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර මෙම හමුව පැවැත්විණි.

GMOA නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා, නව ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා ඇතුළු විධායක සභිකයින්ට අමාත්‍යවරයා සිය සුභාශිංසන පළ කර ඇත.

ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා GMOA හි සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී වත්මන් ඩෙංගු ව්‍යාප්තිය, රෝගය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග සහ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ අභියෝග පිළිබඳවද දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබේ.

මේ අතර, ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සම්බන්ධයෙන් GMOA විසින් සකස් කළ යෝජනා ඇතුළත් විශේෂ වාර්තාවක් එහි ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button