ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගාවලිය කල් දමයි

මැද පෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

ගුවන් ගමන් අවලංගු වීම සහ තරගාවලිය සඳහා අවශ්‍ය සේවා සපයා ගැනීමේදී ඇතිවූ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (11) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලිය මෙම වසරේ අවසන් කාර්තුව තුළ පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තරගාවලිය යටතේ දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි20 (T20) තරගාවලියක් හෙට සිට සාජාහිදී ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button