යුද්ධ සහ ගැටුම්

ඉරානයෙන් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කරයි: හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය උණුසුම්

ඉරානයෙන් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කර තිබේ.

අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල කළ බවට එම බලකාය ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු සහ ඊශ්‍රායල ක්‍රියාමාර්ග ලෙස ඉරානය හඳුන්වන මෙවැනි මෙහෙයුම් ඉදිරියට ගියහොත් දැඩි ප්‍රතිචාරවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ද ඉරානය අනතුරු අඟවා තිබේ.

සයිප්‍රස් ධජය සහිත නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමෙන් පසු ඇතිවූ මෙම සිද්ධියත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට zA පියවර ගෙන තිබූ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button