
උණුසුම් පුවත්
මැගසින් බන්ධනාගාර ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් රෝහලට
මැගසින් බන්ධනාගාර ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (10) පස්වරුවේ මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියන් පස්දෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ගැටුම ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.



