
උණුසුම් පුවත්
ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
අද (3) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය කරමින් එය පහළ දැමීමට සමාගම තීරණය කර තිබේ.
නව මිල සංශෝධනයට අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් අඩු කර ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 4,965ක් ලෙස දැක්වේ.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,988ක් බව ලාෆ්ස් සමාගම නිවේදනය කර ඇත.



