උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවේ

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරමින් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

නව මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,465ක් ලෙස දැක්වේ.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි.

තවද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 835ක් බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button