
ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දෙයි
ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ අද (30) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභා රැස්වීමේදීය.
ඒ අනුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කරගනිමින් එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ද තීරණය කර ඇත.
එමෙන්ම, ආබාධිතභාවය වර්ගීකරණය සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කිරීම, ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශයට පත් කිරීම සහ ඔවුන්ට සේවා සපයන පුද්ගලයන් ඇගයීම සඳහා නිර්ණායක සකස් කිරීම සම්බන්ධයෙන් ද සභාවේ එකඟතාව පළ වී තිබේ.
මෙම රැස්වීමට අමාත්‍යාංශ නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ සාමාජිකයින් රැසක් සහභාගී වූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළේය.



