ප්‍රධාන පුවත්

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා ඇප මත නිදහස්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට අධිකරණය නියම කළ අතර, විදේශ ගමන් තහනමක්ද පැනවීය. එමෙන්ම ඇය සතුව ඇති විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කර තිබේ.

තවද, ඇප ලබා ගැනීමෙන් අනතුරුව නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකාරියට අවවාද කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button