ප්‍රධාන පුවත්

වත්කම් බැරකම් ප්‍රකාශයට අද අවසන් දිනය – ජූලි 7 දක්වා සහන කාලයක්

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ නිල කාලසීමාව අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව අදාළ සියලු නිලධාරීන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතුය.

අද දිනයෙන් පසුව ද ප්‍රකාශය භාර නොදෙන පුද්ගලයන්ට නීතියට අනුව දඩ මුදල් අයකිරීම සිදුකරන බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කර තිබේ.

මේ අතර, අවසන් දිනය හේතුවෙන් විශාල පිරිසක් එකවර කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීම නිසා පද්ධතියේ තාවකාලික අවහිරතාවක් මතුව ඇති බව වාර්තා වෙයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද දිනයේ තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට ජූලි 7 වනදා රාත්‍රී 12.00 දක්වා විශේෂ සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button