
දැඩි ආරක්ෂාව මැද පැමිනි පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
2008 වසරේ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මනුෂ්‍ය ඝාතන පහක් සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
අදාළ නඩුව අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 15 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, එහිදී තෙවන සැකකරු ලෙස නම් කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණි.
එම නියෝගයට අනුව අද පෙරවරුවේ ඔහු අධිකරණය වෙත රැගෙන ආ අතර, එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂක විධිවිධාන ද යොදවා තිබුණි.



