
ප්රධාන පුවත්
යාපනයට නව රදගුරු පත්කිරීමක්
වතිකානය විසින් කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු පරිපාලක රදගුරු ලෙස කටයුතු කළ අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස පත්කර තිබේ.
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ යාපනය පදවියේ රදගුරු අති උතුම් ජස්ටින් ඥාණප්රගාසම් හිමිපාණන්ගේ විශ්රාම ගැන්වීම වතිකානය විසින් නිල වශයෙන් පිළිගැනීමෙන් අනතුරුවය.
ඒ අනුව, අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් ඉදිරියේදී යාපනය පදවියේ රදගුරු ලෙස සිය ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.



