
සෞඛ්‍යය
ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 සීමාව පසු කරයි
ඩෙංගු මරණ 56 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව ගතවූ පැය 24 තුළ පමණක් ඩෙංගු ආසාදනය හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ සමඟ මේ වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, 2026 වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 77,000 සීමාව ද ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම, නිවාස හා පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම සහ උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට නැවතත් දැනුම් දෙයි.



