ප්‍රධාන පුවත්

මැලේසියාවෙන් පිටුවහල් කළ “මාටියා” කටුනායකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර, ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වයස අවුරුදු 42ක් වන සැකකරු ගම්පහ, කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ බව වාර්තා වේ.

2022 ජූලි 22 දින ගම්පහ අධිකරණ පරිශ්‍රයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “පස්පොඩ්ඩා” සහ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එහි සිටි තවත් කිහිපදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button