ප්‍රධාන පුවත්

බස් ගාස්තු 15% ඉක්මවා ඉහළ යා හැකි බවට ඉඟියක්


එළඹෙන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා ඉල්ලීමක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ඊයේ (24) ලිඛිතව භාරදුන් බවයි.

මේ අතර, ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

වත්මන් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු වැඩිවීම සියයට 15 ඉක්මවිය හැකි බවටද ගැමුණු විජේරත්න මහතා අදහස් පළ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button