
ව්‍යාපාරික
ඩොලරය 342 ඉක්මවයි
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අදත් තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අගය රුපියල් 332.3416ක් ලෙසත් විකුණුම් අගය රුපියල් 342.0372ක් ලෙසත් දැක්වේ.
ඊයේ (24) දින වාර්තා වූ අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැනුම් අගය රුපියල් 330.3515ක් වූ අතර විකුණුම් අගය රුපියල් 340.0685ක් ලෙස සටහන් වී තිබුණි.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් හා විකුණුම් අගයන් දෙකම අද දිනයේ ඉහළ ගොස් ඇති බව නවතම දත්තවලින් පෙන්නුම් කරයි.



