දේශපාලන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන විජේදාස කතා කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව සැබෑ අවශ්‍යතාවයක් නොපෙන්වන බව හිටපු අධිකරණ අමාත්‍ය පවසයි.

ඔහු සඳහන් කළේ, තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ හඳුන්වා දුන් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට පවතින බවයි.

ඊයේ (22) රාත්‍රියේ ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් විජේදාස රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.

“ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අපි ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේ මට අද වගේ මතකයි වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යතුමා විජිත හේරත් මහත්තයා වෛරයෙන් ක්‍රෝධයෙන් වෙව්ල වෙව්ල කෑ ගැහුවා පාර්ලිමේන්තුවේ මේ පනත් ගේන්න අපි ඉඩ දෙන්නේ නෑ අපිට ඕනේ ත්‍රස්තවාදය වෙනුවෙන් අලුත් පනත් ගේන එක නෙමෙයි තියෙන එක මුළුමනින්ම අහෝසි කරලා දාන්න කියලා. මේ යුද්ධයක් නැති රටේ මොකටද ත්‍රස්තවාදී පනත් කියලා. එහෙම කියපු අය මේ ත්‍රස්තවාදයේ පනත පාවිච්චි කරලා, මිනිස්සුන්ට දස වධ දීලා, කියන විදියට රටත් එක්ක හිරිකිතයි නේ. බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා ගෙනිහිල්ලා ෂෙල් එකක දාලා හිරකරලා, නිරුවත් කරලා, CIDය පිළිගත්තා නේ. මිලේච්ඡත්වයට තමා අපි විරුද්ධ. විමර්ශනය ගැන ප්‍රශ්නයක් නෑ. දැනුත් සම්මත කරගන්න ප්‍රශ්නයක් නෑ. ආපහු මේකේ හදන්න දෙයක් නෑ. මේ නීතිය තවදුරටත් තියාගන්න නේ කොමිටු පත්කරන්නේ.”

එමෙන්ම, පනත සංශෝධනය කිරීම හෝ අලුත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවට දැනට පවතින නීතිය පවත්වාගෙන යාමේ ප්‍රවණතාවක් ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් පෙන්නුම් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button