ප්‍රධාන පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයකින් හමුවූ කාන්තා මරණය ගැන නව හෝඩුවාවක්

තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ කාන්තාවකගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු දුරකථන දැනුම්දීමක් මත පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ (17) සවස මෙම සිරුර සොයාගෙන ඇති අතර, මියගිය කාන්තාව ජූනි 3 සිට ජූනි 16 දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කළේ, මෙම මරණය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියට තොරතුරු ලබාදී ඇත්තේ මියගිය කාන්තාවගේ පෙම්වතා ලෙස සැලකෙන පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරයි.

මේ අතර, නුවරඑළියේ හෝටලයක සවිකර තිබූ CCTV දර්ශනවල මියගිය කාන්තාව, ඇයගේ පෙම්වතා බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් උස්සාගෙන හෝටලයෙන් පිටතට රැගෙන යන ආකාරය සටහන් වී ඇති බවද වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button