ප්‍රධාන පුවත්

පාසල් නේවාසිකාගාර 126ක් නවීකරණයට රු. මිලියන 1,008ක්

දිවයින පුරා පිහිටි පාසල් නේවාසිකාගාර සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,008ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

දැනට ක්‍රියාත්මක වන පාසල් නේවාසිකාගාර 126ක ගොඩනැගිලි බොහොමයක් අබලන් තත්ත්වයේ පැවතීම සහ නඩත්තු කටයුතු ප්‍රමාණවත් ලෙස සිදු නොවීම හේතුවෙන් එහි නේවාසිකව සිටින සිසුන්ගේ අධ්‍යාපනික හා දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව රජය පෙන්වා දෙයි.

එම ගැටලු නිරාකරණය කරමින් සිසුන්ට වඩාත් සුරක්ෂිත හා ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් සලසා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, අදාළ නේවාසිකාගාරවල පවතින අඩුපාඩු සහ අත්‍යවශ්‍ය පහසුකම් වසර දෙකක කාලයක් තුළ නවීකරණය කිරීමට සැලසුම් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button