ප්‍රධාන පුවත්

ඉන්ධන මිල අඩු කිරීම ගැන අනිල් ජයන්තගෙන් නව ඉඟියක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ යමින් පැවතියද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට දේශීය වෙළෙඳපොළේ භාවිතයට ගෙන ඇත්තේ මීට පෙර ඉහළ මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග බවයි. එම නිසා එම තොග අවසන් වන තෙක් ඉන්ධන මිල සංශෝධනය කිරීම අපහසු බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අනාගතයේදී අඩු මිලකට ආනයනය කරන ඉන්ධන තොග වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමඟ මිල ගණන් සම්බන්ධයෙන් සහනදායී තීරණයක් ගැනීමට අවකාශ ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තෙල් සංස්ථාව මෑතකදී ඇණවුම් කළ ඉන්ධන තොග අනුව ඉදිරියේදී මිල අඩු කිරීමක් සිදුවිය හැකිද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය.

“අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික. අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ. ඒකට යම් කාල පමාවක් යාවි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා. ඒ අනුව, මේ දැන් ලබා දී තිබෙන සහනය අපිට අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button