ප්‍රධාන පුවත්

නොරොච්චෝලේ බලාගාරය ගල්අඟුරු කොමිසමේ නිරීක්ෂණයට

2009 වසරේ සිට මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සංචාරයේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට එය භාවිත කර විදුලිය ජනනය කරන තෙක් වූ සමස්ත ක්‍රියාවලිය සෘජුවම නිරීක්ෂණය කර ඇත.

ගල්අඟුරු ගබඩා කිරීම, අහඹු නියැදි ලබාගැනීම, නියැදි පරීක්ෂා කිරීම සහ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් ඇතුළු තාක්ෂණික කටයුතු පිළිබඳව ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ගල්අඟුරු මගින් විදුලි ජනනය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය හා විදුලි නිෂ්පාදන ක්‍රියාවලියේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button