
ප්‍රධාන පුවත්
පළමු කාර්තුවේ ආර්ථිකය 5.1%කින් ඉහළට
2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිෂ්පාදන ප්‍රවේශය පදනම් කරගනිමින් සකස් කළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක සම්බන්ධ නවතම ඇස්තමේන්තු අනුව මෙම වර්ධනය තහවුරු වී තිබේ.
2015 ස්ථාවර මිල ගණන් යටතේ 2025 වසරේ පළමු කාර්තුවේ රුපියල් මිලියන 3,476,664ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වසරේ අදාළ කාලසීමාවේදී රුපියල් මිලියන 3,652,503ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම වර්ධනය සඳහා ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනම දායකත්වය ලබාදී ඇති අතර, කෘෂිකාර්මික අංශය සියයට 1.1කින්, කර්මාන්ත අංශය සියයට 7.2කින් සහ සේවා අංශය සියයට 3.4කින් වර්ධනයක් පෙන්නුම් කර ඇත.



