
වී මිල තීරණ සූත්‍රය හෙළි කරන්න – සජිත් ප්‍රේමදාස
වී කිලෝවක් සඳහා රජය ස්ථාවර මිලක් නියම කරන්නේ නම්, එම මිල ගණනය කිරීම සඳහා භාවිත කරන සූත්‍රය සහ එහි පදනම් සාධක ජනතාවට පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ බිත්තර වී, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් නිෂ්පාදන වියදම් ඇතුළුව වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන සැබෑ පිරිවැය ගණනය කරන ආකාරය දැනගැනීම වැදගත් බවය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පැවති පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.
රටේ සමස්ත පොහොර අවශ්‍යතාවයෙන් රජය සහ පෞද්ගලික අංශය මඟින් සපයනු ලබන ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම ජාත්‍යන්තර යුදමය තත්ත්වයන් හේතුවෙන් පොහොර මිලෙහි සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, යුද්ධයට පෙර සහ පසු මිල ගණන් සංසන්දනාත්මකව ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ලෝක පොහොර සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වන බැවින්, එහි ඇතිවන බලපෑම් මෙරට පොහොර සැපයුමට සහ මිලට කෙසේ බලපාන්නේද යන්න පැහැදිලි කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්රමිතීන් මෙන්ම හෙක්ටයාරයකට ලබාදෙන පොහොර ප්‍රමාණය පිළිබඳවත් රජය කරුණු ඉදිරිපත් කළ යුතු බව ඔහු පැවසීය.
ගොවීන්ගේ අදහස් අනුව දැනට හෙක්ටයාරයකට ලබාදෙන පොහොර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, එය වැඩි කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



