
රාජ්‍ය පොසොන් උත්සවය ගැන මෙතෙක් නිල දැනුම්දීමක් නෑ – මිහින්තලා විහාරාධිපති
මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මෙවර පොසොන් උත්සවය සහ මිහිඳු පෙරහැර සංවිධානය කිරීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
අද (14) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
කෙසේ වෙතත්, රජයේ සහාය ලැබුණද නොලැබුණද, මිහිඳු පෙරහැර සහ පොසොන් පූජෝත්සවය කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට තමන් කටයුතු කරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“ජනාධිපති කාර්යාලයෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. ජනාධිපතිතුමා මේ පිළිබඳව දන්නවා දැයි මම දන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දැනුවත් වීම පිණිස මම මෙලෙස කියනවා. ජනාධිපති කාර්යාලයෙන් හෝ වෙනත් කිසිදු ආයතනයකින් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. දිස්ත්‍රික් ලේකම්වරයා තමාට ඇති බලතන අනුව මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී දෙනවා, අද වනතුරුත් මට එවැනි කිසිදු දැනුම්දීමක් ලැබී නැත. කිසිවෙකු පැමිණ උත්සව සංවිධානයක් පිළිබඳව සාකච්ඡා කරලා නෑ.
ශ්‍රී ලංකාවේ පවත්වන ප්‍රධාන රාජ්‍ය උත්සව තියෙන්නේ 3යි. ඉන් එකක් නිදහස් උත්සවය, අනෙක් උත්සව දෙක වෙසක් සහ පොසොන් උත්සවය. ඉතිං අනෙක් උත්සව දෙක සංවිධානය කරන ආකාරය සහ මේ උත්සවය පවත්වන ආකාරය පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගනී. අපට කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට අවශ්‍යතාවක් නෑ. ඔවුන් මෙය කළත් නොකළත් අප මේ කටයුත්ත සිදුකරනවා. එබැවින් මෙවර පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් පිළිබඳව මම කිසිවක් දන්නේ නෑ.
රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන බව කියයි. නමුත් මෙය අනාදිමත් කාලයක සිට ඕනෑම රජයකින් සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක්. එම මුදල ස්වයංක්‍රීයවම (Automatically) ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලැබෙනවා. ඒ ලක්ෂ 50න් විතරක් මිහිඳු පෙරහැර කරන්න බෑ. එබැවින් කුමන හෝ ක්‍රමයකින් මුදල් සොයාගෙන මම මිහිඳු පෙරහැර කරනවා. මෙම පූජෝත්සවය කිසිදු අඩුවක් නොමැතිව ඉටු කිරීමට මම පියවර ගන්නවා, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”



