ව්‍යාපාරික

2026දී රුපියල ඩොලරයට එරෙහිව 7%කින් පහළට

2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුව නිකුත් කළ දත්තවලට අනුව, පසුගිය ජූනි 12 වනදා ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙසත් වාර්තා වී තිබේ.

මෙම වසරේ පෙබරවාරි මාසයේ අවසානයෙන් පසු මැදපෙරදිග කලාපයේ උද්ගත වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් බාහිර අංශයට බලපෑම් එල්ල වී ඇති අතර, එය රුපියලේ අගය පහත වැටීමට ප්‍රධාන සාධකයක් වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button