
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු 2027 ගැන චක්‍රලේඛයක්
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2027 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2026 යටතේ අදාළ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ප්‍රියමනාප සේවා ස්ථානයක වසර 05ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් අනිවාර්ය ස්ථාන මාරුවකට යටත් වන අතර, වෙනත් සේවා ස්ථානයක වසර 02ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන්ටද වාර්ෂික ස්ථාන මාරුවක් සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.
2027 කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සඳහා අයදුම් කිරීම
2027 වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ https://pubad.gov.lk/ පද්ධතිය භාවිත කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.
එහිදී නිලධාරීන්ගේ මූලික තොරතුරු මෙන්ම පෙර සේවා ස්ථාන සම්බන්ධ තොරතුරුද නිවැරදිව යාවත්කාලීන කිරීම අනිවාර්ය වේ.
තවද, 2026 අගෝස්තු 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අසමත්ය ස්ථාන මාරු සඳහා ඉල්ලුම්පත් භාර නොගන්නා ලෙසද දැනුම් දී තිබේ.
වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අභියාචනා නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කළ යුතු අතර, ස්ථාන මාරු නියෝගයට එරෙහි අභියාචනය එම නියෝගය නිලධාරියා වෙත ලබාදුන් දිනයේ සිට දින 14ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයේදී නිලධාරීන්ගේ සේවා කාලය, සේවා ස්ථානය සහ ස්ථාන මාරු ඉල්ලීම් ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.



