
නීතියේ සමානාත්මතාවය ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිට ලියයි
‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු’ යන තේමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.
පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති සංවාද සහ චෝදනා සැලකිල්ලට ගනිමින් එම ලිපිය යොමුකර ඇති බව සඳහන් වේ.
එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, අතීතයේ පොලිස් භාරයේ සිටියදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සම්බන්ධ සිදුවීම් වැනි අඳුරු අත්දැකීම් නැවතත් ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ සිදුවීමට ඉඩ නොදිය යුතු බවයි.
ඒ අනුව, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව තහවුරු කරමින් සුරේෂ් සලේ මහතාට ද සාමාන්‍ය සැකකරුවෙකුට හිමි නීතිමය අයිතිවාසිකම් සහ සාධාරණ සැලකීම ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරුන් විසින් එම ලිපියට අත්සන් තබා ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.





