
ආදිවාසීන්ගේ ගැටලු ගැන අගමැතිනිය / වන්නිල ඇත්තන් අතර සාකච්ඡාවක්
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වී තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, එහිදී ආදිවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි. විශේෂයෙන්ම ඔවුන්ගේ පාරම්පරික ඉඩම් භාවිත කිරීමේදී ඇතිවන බාධා සහ නීතිමය ගැටලු පිළිබඳව අවධානය යොමු කර ඇත.
ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් බාධාවකින් තොරව භුක්ති විඳීමේ අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර තිබේ.
එමෙන්ම මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ හෙන්නානිගල ප්‍රදේශයේ පවුල්වලට තවමත් සහනාධාර නොලැබී ඇති බව වන්නිල ඇත්තන් මහතා පෙන්වා දී ඇත. ඒ පිළිබඳව වහාම අදාළ නිලධාරීන් දැනුවත් කළ අග්‍රාමාත්‍යවරිය, එම පවුල් සඳහා විධිමත් සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද වාර්තා වේ.



