ප්‍රධාන පුවත්

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගත් අන්තර්ජාල වංචා ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, අන්තර්ජාලය භාවිත කරමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් ව්‍යාජ ගිණුම් නිර්මාණය කර පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අවස්ථාවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

විශේෂයෙන්ම WhatsApp සහ Telegram වැනි යෙදුම්වල ව්‍යාජ ගිණුම් භාවිත කරමින් පුද්ගලයන් මුලාකර මූල්‍ය වංචා ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීමේ ප්‍රවණතාවයක් මේ වනවිට ඉහළ ගොස් ඇති බවද පොලීසිය පෙන්වා දෙයි.

මෙවැනි වංචනික පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට හසු නොවීමට මහජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව අවධාරණය කරන පොලීසිය, සැකසහිත පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ මුදල් ඉල්ලීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසද දැනුම් දී ඇත.

අදාළ සිදුවීම් වළක්වා ගැනීම සඳහා පොලීසිය නිකුත් කළ උපදෙස් පිළිපදිමින් ප්‍රවේශම් සහගතව අන්තර්ජාලය භාවිත කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button