
උණුසුම් පුවත්
ෂාන් විජයලාල් ද සිල්වා ඇප මත නිදහස්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාය.
අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමටය.
එමෙන්ම ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තවදුරටත් බලපැවැත්වෙන අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.



