උණුසුම් පුවත්

අක්මීමන සමූපයේ බලය විපක්ෂයට

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා ඊයේ (06) පැවැති නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්වී තිබේ.

නිල ප්‍රතිඵල අනුව සභික ධුර 50ක් දිනාගත් ඒකාබද්ධ විපක්ෂය, සමුපකාර සමිතියේ පාලන බලය තහවුරු කර ගැනීමට සමත් වූ බව වාර්තා වේ.

එම නිලවරණයේදී ජාතික ජන බලවේගයට හිමි වූයේ සභික ධුර 43ක් පමණක් වන අතර, එය බහුතර බලය සඳහා ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ නව පාලනය පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button