උණුසුම් පුවත්

සුව සැරිය සේවාව නවතී යැයි පැතිරෙන පුවත අසත්‍යයි

1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සේවාවේ පාලන අධිකාරිය නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ජනතාව නොමග යැවිය හැකි එවැනි ප්‍රචාරයන්ට විශ්වාසය නොතබන ලෙසයි.

1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවේ සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කර ඇත්තේ, සේවාව නතර කිරීමක් සම්බන්ධයෙන් පළවන වාර්තා කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

එමෙන්ම දිවයින පුරා 1990 සුව සැරිය සේවාව පෙර පරිදිම අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා උසස් මට්ටමේ සේවාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button