සෞඛ්‍යය

ගැබිනි මව්වරුන්ට නව රුධිර පරීක්ෂාවක් අද සිට

ගැබිනි මව්වරුන් සඳහා ක්‍රියාත්මක කරන ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) ජාතික වැඩසටහන අද (01) සිට දිවයින පුරා සියලු මාතෘ සායන ආවරණය වන පරිදි ආරම්භ කර තිබේ.

ඒ යටතේ ගැබිනි කාන්තාවන්ට හෙපටයිටිස් බී (Hepatitis B) වෛරස ආසාදනය පවතින්නේද යන්න හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත අතර, එම සේවාව සියලු මාතෘ සායනවලදී ලබාදෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මීට පෙර සිටම මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) සහ උපදංශය (Syphilis) සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ අරමුණින් රුධිර පරීක්ෂණ සිදු කරමින් ද්විත්ව තුරන් කිරීමේ (Dual Elimination) වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි.

එම වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන් මවගෙන් දරුවාට HIV හා උපදංශය සම්ප්‍රේෂණය වීම පාලනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල සහතිකය පිරිනමා තිබේ.

තවද එම ජයග්‍රහණය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් සහ ප්‍රශංසා ද හිමිව ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button