ප්‍රධාන පුවත්

RMV පරිගණක දෝෂය නිවැරදි කර සේවා යථා තත්ත්වයට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (01) පැය දෙකකට ආසන්න කාලයක් සේවා කටයුතු අඩාල වී තිබුණි.

ඒ හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන ලියාපදිංචි කිරීම ඇතුළු සේවා ලබාගැනීම සඳහා පැමිණි ජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා විය.

කෙසේ නමුත්, අදාළ තාක්ෂණික ගැටලුව සාර්ථකව විසඳීමෙන් පසු පරිගණක පද්ධතිය යළි ක්‍රියාත්මක කර ඇති අතර, මේ වනවිට දෙපාර්තමේන්තුවේ සියලුම සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button